පීසී උස්සා පොළවේ ගසති


මහ නුවර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයය ආසන්නයේ මහ රෑ එතෙර කතකට අතවර කරමින් සිටි බව කියන ව්‍යාපාරිකයන් තිදෙනකු එම ක්‍රියාවෙන් වැළැක්වීමට උත්සාහ කළ  පොලිස් කොස්තාපල්වරයකු උස්සා පොළවේ ගැසීම නිසා බරපතල තුවාල ලබා රෝහල් ගත කරනු ලැබීය.

මහනුවර දේශපාලනඥයකුගේ හිතවතුන්  බව කියන මේ තිදෙනා සුදු කතට හිරිහැර කරනු දැක ඇත්තේ ඔහු ගේට්ටුවේ රාජකාරි කරමින් සිටියදී ය.

එම තිදෙනා පොලිස් කොස්තාපල්ට පහර දෙද්දී අපි අහවල් දේශපාලනඥයාගේ හිතවතකු බව ද කියා ඇත.

එම තිදෙනාම සැකපිට අත්අඩංගුවට ගනු ලැබ සිටින අතර ඔවුන් මුදා ගැනීමට දේශපාලනඥයා පොලිසියට බලපෑම් කරතියි ද කියති.