පීසී ඇඹිලිපිටි උසාවියෙදි සාක්කි උදුරාගනී


ඇඹිලිපිටියේ සාදයක දී පොලිසිය හා ප්‍රදේශවාසීන් අතර ගැටුමකින් පසු උඩු මහළෙන් වැටී මිය ගිය බව කියන සුමිත් ප්‍රසන්න ජයවර්ධන එක්දරු පියාගේ මරණ පරීක්ෂණය ජනක කැකිරිදෙනිය ඇඹිලිපිටිය අතිරේක මහේස්ත්‍රාත් ප්‍රසන්න ප්‍රනාන්දු මහතා ඉදිරිපිට අද විභාගයට ගැනිණි.

මුල් සාක්කිකරු සාක්කි දෙමින් සිටිය දී පොලිස් කොස්තාපල් අංක 43120 මාධ්‍යවේදීන් වෙත පැමිණ මාධ්‍යවේදීන්ගේ සටහන් උදුරාගෙන ගියේය.

පොලිස් සාක්කි මෙහෙයවීමට පැමිණි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී නීතීඥ රුවන් ගුණසේකර මහතාට පැමිණිලි කළ විට ඔහු පැවසුවේ උසාවියෙන් අවසර නැතිව වාර්තා ගැනීම එසේ සිදුවන්නට ඇති බවයි.

පසුව කොල කිහිපයක් මාධ්‍යවේදීනට ලැබුණු නමුත් සෙසු සාක්කි ලියා ගැනීමේ අවස්ථාව ඔවුනට අහිමි විය.

පසුගිය හතර වැනිදා ඇඹිලිපිටි ව්‍යාපාරිකයකුගේ තෙමහල් නිවසේ පැවැති සාදයක දී පොලිසිය හා සාදයට පැමිණි අය අතර ආරවුලකින් පසුව ජයවර්ධන මහතා තුවාල ලබා රත්නපුර රෝහලට ඇතුළු කිරීමෙන් පසුව මිය ගියේය.

අද පැවතියේ එහි මරණ පරීක්ෂණයයි.

එම නඩුව වාර්තා නොකරණ ලෙස අධිකරණය වාර්තාකරුවනට දන්වා නොතිබිණි.