පීසී, ලොක්කාට තුවක්කුව ඉස්සුවාලු


දඹුල්ල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක සාරනාත් සමරකෝන් මහතාට ටී56 ගිනි අවියක් එල්ල කළැයි සැකපිට එම පොලිසියේ කොස්තාපල් ඒ ජී ප්‍රියංකර බණ්ඩාර සැප්තැම්බර 01 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස දඹුල්ල මහේස්ත්‍රාත් සංජීව රම්‍යකුමාර මහතා නියෝග කළේය.

බීමතින්  රාජකාරියේ යෙදී සිටි බව කියන පොලිස් කොස්තාපල්වරුන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට යද්දී සැකකාර කොස්තාපල් මූලස්ථාන පොලිස් පරීක්ෂකට ගිනි අවිය එල්ල කර පැණ ගිය බව පොලිසිය අධිකරණයට දැන්වීය.