පීසිට ගැසුවැයි උප සභාපතිත් රිමාන්ඩ්


සාලියවැව පොලීසියේ කොස්තාපල්වරයකුට පහර දී වැලි පිරවූ අත් ට්‍රැක්ටරයක් සහ සැකකරුවකුද පැහැර ගෙන ගිය බව කියන කරුවලගස්වැව ප්‍රාදේශීය සභාවේ උප සභාපති චමින්ද රුවන් සිරි පෙරේරා ඇතුළු 07 දෙනෙක් පුත්තලම දිසා විනිසුරු රංග දිසානායක මහතා විසින්  ලබන 17 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබුහ.

සාලියවැව -17 කණුවේ මහින්ද ප්‍රදීප් කුමාර, ඩී.විජයකුමාර,මංජුල රුවන් කුමාර,රංගන රුවන් කුමාර, සාලියවැව,ආර්.පී.විල්සන් සහ 15 කණුවේ කේ.තුෂාන් හෙවත් ටී.තුෂාර  සෙසු සැකකරුවෝය.