බිමල් ශ්‍යාමන් ජයසිංහ
පිලියන්දල - කෑස්බෑව ජාලියගොඩ විකල්ප මාර්ගයේ අද (11) අලුයම 1 සිට 3 අතර කාලයේ දී ප්‍රදේශවාසීන් පීඩාකාරි අයුරින් යතුරුපැදි පැදවු පුද්ගලයන් 32 ක් යතුරුපැදි 14 ක් සමඟ අත්අඩංගුවට ගත් බව පිලියන්දල පොලිසිය කියයි.
අත්අඩංගුවට පත් වුවන් කොට්ටාව,පන්නිපිටිය,මොරටුමුල්ල පදිංචිකරුවෝ වෙති.
අත්අඩංගුවට ගත් සියලු දෙනා කෑස්බෑව අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.