පීඩනය මැතිව්ස් සහ සගයන්ට


ශී‍්‍ර ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය අද (8 වැනිදා) ගාල්ල අන්තර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී ආරම්භ වෙයි. එහෙත් කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ කී‍්‍රඩකයන් කිහිප දෙනකුගේම සේවය නොමැතිව ටෙස්ට් පිටියට පිවිසෙන ශී‍්‍ර ලංකා කණ්ඩායම මෙහෙවීමේ අභියෝගය කරපින්නාගත් ඇන්ජලෝ මැතිව්ස් සහ ඔහුගේ නවක කණ්ඩායම හමුවේ ඇත්තේ සුළුපටු පීඩනයක් නොවේ.

වසර 13 ක් තිස්සේ ටෙස්ට් කි‍්‍රකට් කී‍්‍රඩා කරන නමුත් අන්තර්ජාතික ටෙස්ට් කි‍්‍රකට් ශ්‍රේණිගත කිරීම් අතරේ තවමත් ප‍්‍රසාද ලකුණක් දිනා ගැනීමට අපොහොසත්ව සිටින බංග්ලාදේශ පිල සහ ශී‍්‍ර ලංකා කණ්ඩායම අතර මෙතෙක් පැවැති ටෙස්ට් තරග 12 දීම ජය හිමිකරගැනීමට ශී‍්‍ර ලංකා කණඩායම සමත් වී සිටී.

එබැවින් බංග්ලාදේශ පිල හමුවේ මෙම තරග දෙකම ජයගැනීම විශේෂ දස්කමකට වඩා තමන්ගේ තත්ත්වය ආරක්‍ෂා කරගැනීමක් තරම් වූ පීඩනයක් ඇන්ජලෝ මැතිව්ස් හමුවේ පවතී.

මැතිව්ස් මෙම අභියෝගයට මුහුණ දෙන්නේ ජ්‍යෙෂ්ඨ පිතිකරුවන් දෙදෙනකු සහ පන්දු යවන්නන් දෙදෙනකු සමගිනි.

කණ්ඩායමේ සිටින ජ්‍යෙෂ්ඨ පිතිකරුවන් දෙදෙනා තිලකරත්න ඩිල්ෂාන් සහ කුමාර් සංගක්කාර වන නමුත් මෙල්බර්න් ටෙස්ට් තරගයේදී තුවාල ලද සංගක්කාර පිටියට පිවිසෙන්නේ මාස දෙක හමාරකට පසුවය.

වසර 12 කට පසුව මහේල ජයවර්ධනගේ සේවය ශී‍්‍ර ලංකා පිලට අහිමිව තිබේ. අන්තර් කී‍්‍රඩා සමාජ තරගයකදී උඩපන්දුවක් රැකගැනීමට යාමේදී මහේලගේ ඇගිල්ලක අස්ථිය පුපුරා ගියේය.

ජ්‍යෙෂ්ඨ පන්දු යවන්නන් අතරේද ශී‍්‍ර ලංකා පිල සතුව සිටින්නේ රංගන හේරත් සහ නුවන් කුලසේකර පමණි.  ඕස්ටේ‍්‍රලියාවේදී පැවැති එක්දින තරගාවලියේදී මෙන්ම එක්දින සහ විස්සයි/20 තරග වලදීත් විශිෂ්ට දස්කම් පෙන්වා ඇති නමුත් කුලසේකර තවමත් ටෙස්ට් ඉනිමකදී කඩුලූ 5 ක් දවාගැනීමට සමත්ව නැත. කුලසේකරගේ හොඳම ටෙස්ට් පන්දු යැවීම වන්නේ වසර 2009 දී පාකිස්තානු පිලට එරෙහිව ලකුණු 21 කට කඩුලූ4 ක් දවාගැනීමයි.

කෙසේ වෙතත් රංගන හේරත් සහ අජන්ත මෙන්ඩිස් ශී‍්‍ර ලංකා නායකයා සතුු ප‍්‍රබලතම අවි වශයෙන් සැලකිය හැකිය.

මෙම තරගය පැවැත්වෙන ගාල්ල කී‍්‍රඩාංගණයේදී ශී‍්‍ර ලංකා පිල අවසන් වරට සහභාගි වූ ටෙස්ට් තරග 8 න් 6 ක්ම ජයගැනීමට සමත් වූ අතර තරගයක් ජය පරාජයෙන් තොරව අවසන් විය. එම බොහෝ ජයග‍්‍රහණයන්ට මූලික වූයේ දග පන්දු විශේෂඥයන් වන රංගන හේරත් සහ අජන්ත මෙන්ඩිස් දෙදෙනාය.

අජන්ත මෙන්ඩිස්ද ටෙස්ට් තරගකට කී‍්‍රඩා කිරීමට සූදානම් වන්නේ වසර එක හමාරකට පමණ පසුව වන අතර ඔහු අවසන් වරට ටෙස්ට් තරගයකට කී‍්‍රඩා කළේ 2011 මැයි මාසයේදී ගාල්ල කී‍්‍රඩාංගණයේදීමය.

බංග්ලාදේශ නායක මුෂ්ෆිකුර් රහීම් පවසා සිටියේ ශී‍්‍ර ලංකාවේදී ටෙස්ට් තරගයක නායකත්වය දැරීම අසීරු අභියෝගයක් නමුත් තමන් ඊට සූදානම්ව සිටින බවකි.
”අතීතයේදී මොකක් වුණත් ඒක දැන් වැදගත් නෑ. අපේ කණ්ඩායම අලූත් එකක්...ශී‍්‍ර ලංකා පිල සිටින්නේත් සංක‍්‍රාන්ති සමයකයි.”

”එබැවින් මෙය හොඳ ආරම්භයක් වේවි” යයිද රහීම් පැවසීය.
නායකත්වය බාරගත් සැණෙකින්ම අසීරු අභියෝග රැසකට මුහුණ දුන් ඇන්ජලෝ මැතිව්ස් ඊයේ පැවසුවේ මෙම තරගයේදී බංග්ලාදේශ පිල කිසිදු ආකාරයකින් අවතක්සේරු නොකරන බවයි.

ශී‍්‍ර ලංකා සංචිතය
දිමුත් කරුණාරත්න, තිලකරත්න ඩිල්ෂාන්, කුමාර් සංගක්කාර, ළහිරු තිරිමාන්න, කිත්රුවන් විතානගේ, දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ මැතිව්ස් (නායක), ජීවන් මෙන්ඩිස්, නුවන් කුලසේකර, අජන්ත මෙන්ඩිස්, රංගන හේරත්, චානක වෙළගෙදර සමින්ද එරංග, කුසල් ජනිත් පෙරේරා, සුරංග ලක්මාල්, සහ තරිඳු කෞෂාල්

බංග්ලාදේශ සංචිතය
මුෂ්ෆිකුර් රහීම් (නායක), මහමුදුල්ලා, අබුල් හසන්, එනැමුල් හක්, එලියස් සනී, ජහුරුල් ඉස්ලාම්, මාෂල් අයුබ්, මොහොමඞ් අෂ්රාෆුල්, මොමිනුල් හක්, නසීර් හොසේන්, රොබිවුල් ඉස්ලාම්, රුබෙල් හොසේන්, සදාත් හොසේන්, සොහාග් ගාසි සහ ටමීම් ඉක්බාල්,

විනිසුරුවරු
රිචඞ් ඉලිංවර්ත් සහ නයිජල් ලොන්ග්

තරග තීරක
ඬේවිඞ් බූන්

ඡයාරූප - ශාන්ත රත්නායක