ඉඩම් ව්‍යාපාරික ඒ.එස්.පී.ලියනගේ ගේ නාවල පීකොක් මන්දිරය (මයුරා මැදුර) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට නොලැබෙන ලකුණු පහළවී ඇතැයි දැනගන්නට ඇත.
නක්ෂත්‍රකරුවන්ගේ උපදෙස් අනුව ඉඩමේ වස්දොස් ඇරීම සඳහා ඔහුගේ මන්දිරය ඉදිරිපිට නාන තටාකයද මුහුදු වැලි දමා ගොඩකැරිණි. උළුවහුද වෙනස්කර බහිරව පූජාද පවත්වා අද හෙට එහි යෑමට හිටපු ජනපති සූදානමින් සිටි බව දැනගන්නට ඇත. කට වචනය අනුව එහි පදිංචියට යනවාට වඩා ගිවිසුමක් අත්සන් කර පදිංචිය බාරගැනීම ගැන ලියනගේ මහතා ඉදිරිපත් කළ යෝජනාවට හිටපු ජනපතිගෙන් ප්‍රතිචාරයක් ලැබී නැතැයි වාර්තාවේ.
මේ අතර ඒ.එස්.පී.ලියනගේ මහතා සඳුදා රහස් පොලිසියටද කැඳවා ඇත. පීකොක් මැදුර නොලැබුණහොත් රාජපක්ෂ මහතා කොළඹ නාරාහේන්පිට අභයාරාමයේ ශාලා පහසුකම් ප්‍රයෝජනයට ගනු ඇතැයි දැනගන්නට ඇත. පීකොක් මැදුරේ ප්‍රශ්නය ගැන ලියනගේ මහතා සම්බන්ධ කර ගැනීමට ගත් උත්සාහය අසාර්ථක විය.


