පොලිසිය ලවා පිහුනුම් තටාකයේ වැලි ගෙඩ දා නොගත් බව රාජගිරිය පීකොක් මන්දිරියේ හිමිකරු කම්කරු පක්ෂයේ නායක හා හිටපු ව්‍යාපාරික ඒ. එස්.පී. ලියනගේ මහතා කියයි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කේන්දරය අනූව වාස්තු විද්‍යාඥයන්ගේ උපදෙස් මත පීකොක් මන්දිරය ඉදිරිපිට තිබූ පිහිනුම් තටාකයට පිරි වූ මුහුඳු වැලි කියුබ් තිහකට අධික ප්‍රමාණයක් රජයේ වියදමින් ඉවත් කරවා ගැනීමට බැරි වුනා නේදැයි ඔහුගෙන් ඇසීය.
“මට එහෙම අවශ්‍යතාවයක් තිබුණා නම් මට සතයක්වත් වැය වෙන්නේ නැහැ. පොලිසිය පසුගිය සිකුරාදා (24) පරීක්ෂණ කළා.පැමිණි මොහොතේ සිට අවසානය දක්වා කම්කරු සේවකයන් මෙන්ම ජේ.සී.බී. යන්ත්‍රයට වගේම සෑම වියදමක්ම මා දැරුවා.ඒ සඳහා මට රුපියල් ලක්ෂයක් පමණ වැය වුණා.
අර වගේ අදහසක් මට තිබුණා නම් ඒ රුපියල් ලක්ෂයම මට ඉතුරුයි”
ප්‍ර: එබට මේ පිහිණුම් තටාකය සුබ ද? අසුබ ද?
පි: ප්‍රවීණ වාස්තු විද්‍යාඥයෙකුගේ උපදෙස් මත තමයි මම මෙමමන්දිරය ඉදි කළේ. නමුත් තටාකය ඉදි කළේ මගේ අදහසකට.
මහින්ද මහත්තයා වාස්තු විද්‍යාඥයන්ගේ උපදෙස් මත එහි වතුර ඉවත් කර වැලි පිරවීමෙන් පසු වතුරින් පිරී තිබූ දිගු කාලයට වඩා ගෙවුණු මාස කිහිපයේ එහි සුබ ඵල මට නොදැනුණා නොවේ.
ප්‍ර: පිහිණුම් තටාකයේ රත්තරං සහ මුදල් සඟවා ඇතැයි කියමින් මාධ්‍යෙයන් පීකොක් මන්දිරයට විශාල ප්‍රසිද්ධියක් නොමිලේම ලබා ගන්නේ ඒක හොඳ මිලකට විකුණාගන්නා අදහසින් කියලා ආරංචි.
පි: රත්තරන් සහ මුදල් පිහිණුම් තටාකයේ සඟවා ඇතැයි කීවේ මම නොවෙයි. මාධ්‍යයේ පතාක යෝදයෙක්. එය ඔහු කීවේ වරක් දෙවරක් නෙවෙයි.
එම කියමන මගේ සහ පවුලේ අයගේ සිත් තිගැස්සුවා, බියට පත් කළා. එකයි මම පොලිස්පතිතුමාගෙන් පරීක්ෂණයක් ඉල්ලා ලිඛිතව දැන්වූයේ
ඒ වගේම කියන්න ඕනා පීකොක් මන්දිරය කියලා ප්‍රසිද්ධ වුණා.හොඳ ගැනුම් කරුවෙක් ආවොත් ඒ ගැනත් හිතා බලනවා
ප්‍ර: කීයකට ද?
පි: කෝටි 45 කට.
ප්‍ර: ඔබ මාධ්‍ය සංදර්ශනයක්ද කළේ?
පි: මාධ්‍ය සංදර්ශන තියන්න ඕනා නම් වැලි ගොඩ දානවද? ඒකට මට හොඳ පසුබිමක් තියෙනවා.මම පක්ෂයක නායකයෙක්, හිටපු තානාපතිවරයෙක්, ඒ වගේම සාර්ථක ව්‍යාපාරිකයෙක්.
ප්‍ර: පිහිණුම් තටාකයේ වැලිත් ගොඩ දැම්මා. දැන් ඔබේ තීරනය මොකක්ද?
පි: මම බලාගෙන ඉන්නේ පොලිස්පතිතුමාගෙන් පිළිතුරක් ලැබෙනකම් ඇඟලි ගනිමින් ඉන්නවා. පිහිණුම් තටාකය ආයෙත් ඒ මුහුඳු වැලි වලින් පුරවන්න.

