නාවල පීකොක් මන්දිරයේ පිහිනුම් තටාකයේ වැලි ඉවත් කිරීම කොළඹ අපරාධ විමර්ෂණ කොට්ඨාසයේ ප්‍රධානී විජිත් ගුණරත්න මහතාගේ හා රාජගිරිය පොලිසියේ උපදේශන කමිටුවේ සෝදිසියෙන් අද (29) උදේ ඇරඹිණි. මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයෙන් පැරදුණු පසුව පීකොක් මැදුර ඔහුගේ නවාතැන ලෙස පරිත්‍යාග කිරීමට පොරොන්දු වූ නමුත් එය අනුසතු කළ හොත් තමා දික්කසාද වන බව මන්දිරය හිමිකරු ඒ.එස්.පී ලියනගේ මහතාගේ බිරිය තර්ජනය කිරීම නිසා එම ගනුදෙනුව නතර විය. ඒ වන විට පිහිනුම් තටාකය මුහුදු වැල්ලෙන් පුරවා තිබුණි.
පිහිනුම් තටාකයෙන් රාජපක්ෂ මහතාට අපල ගෙන දෙතියි, එය වැලි වලින් වැසූ බවත් එසේ වසද්දී රාජපක්ෂ මහතාගේ රත්තරං තොගයක් එහි වල දැමූ බවට දූෂමාණ ආරංචි පැතිර ගිය බවත් ලියනගේ පොලීසියට කියා තිබිණි. වැලි ඉවත් කිරීමට සේවකයෝ දස දෙනෙක් ලියනගේ මහතාගේ වියදමින් යොදවනු ලැබ සිටිති. ප්ලාස්ටික් බඳුන් වලින් ගන්නා වැලි කුඩා සිදුරු සහිත රැයිසියකින් හළා ගැනෙයි. වැඩ ඇරඹීමට පෙර සේවකයන් සියලු දෙනාගේ රන් ආභරණ ගලවා ඉවත් කළ බවත් පොලීසිය කියයි.
ජායාරූප - ඉෂංක සුනිමල්
ජායාරූප - බිමල් ශ්‍යාමන් ජයසිංහ
විඩියෝ ඉෂංක සුනිමල්













