පීකොක් තටාකයේ වැලි අදින්න ඒඑස්පීම සල්ලි දෙයි


මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිට නාවල පීකොක් මන්දිරය පදිංචියට දීම සඳහා එහි පිහිනුම් තටාකය වැලිවලින් වසා දැමූ එහි අයිතිකරු ඒ.එස්.පී. ලියනගේ ගේ වියදමින් සිකුරාදා (29) එහි වැලි ඉවත් කිරීමට යයි.

කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිරීක්ෂණ යටතේ වැලි ඉවත් කරන බවත් වැලි කියුබ් 35 ක් පමණ ඉවත් කිරීමට ඇති බවත් කියති.

එම පිහිනුම් තටාකයෙන් මහින්ද රාජපක්ෂ මහතාට අපල ගෙනදෙතියි කිවූ නිසා වැලි කියුබ් 35ක් ගෙනැවිත් එය වසා දැමූ බව ලියනගේ පොලිසියට කියා ඇත.

මෙම වැලි ඉවත් කරනුයේ එහි රන් සඟවා ඇතැයි ලැබුණු ආරංචියක් මත බව කියති.

DSC05644 DSC05655[1]  DSC05676