පීකොක් තටාකය පිළිබඳ පොලිස්පති වාර්තාවක් ඉල්ලයි


නාවල ව්‍යාපාරික හා මහින්ද රාජපක්ෂ යුගයේ තානාපතිවරයකු වූ ඒ.එස්.පී. ලියනගේ ගේ නාවල පීකොක් මන්දිරයේ පිහිනුම් තටාකය මුහුදු වැලි වලින් පිරවූයේ එහි රත්තරන් ඇති බවටය යනුවෙන් පැතිරය යන කතාව සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා ලබන 1 වැනිදාට පෙර වාර්තාවක් ලබාදෙන්නැයි පොලිස්පති බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට දැනුම් දී ඇතැයි පොලිස් ආරංචි කියයි.

මේ සම්බන්ධ පරීක්ෂණ සීසීඩීයට බාරදී ඇත.