පීකොක් පිහිනුම් තටාකෙ රන් ආකරයක්ලු?


හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පදිංචියට ඒමට සිටි පීකොක් මන්දිරයේ පිහිනුම් තටාකය වැලි පුරවා ගොඩ කරද්දී රන් හා මුදල්ද වැළලීයැයි කියන සිද්ධියක් ගැන පරීක්ෂණ පවත්වා තමාගේ හොඳ නම රැක දෙන්නැයි රාජපක්ෂ මහතාට පීකොක් මන්දිරය තෑගි කිරීමට ගොස් අවසානයේ දී තෑගි නොකළ ව්‍යාපාරික ඒ එස් පී ලියනගේ පොලිස්පතිට අද ලිපියක් මගින් දැන්වීය.

මහින්ද රාජපක්ෂ සමයේ නයිජීරියාවේ  ශ්‍රී ලංකා මහ කොමසාරිස් පදවියට පත් කැරුණු ඔහු මෙම ලිපිය බාර දීමට සඳහා පොලිස් මූලස්ථානයට පැමිණ සිටී.

එම ලිපියේ පිටපතක් එසැණ වෙබ් අඩවියට ද ලැබී ඇත.

(වීඩියෝ කසුන් පතිරණ)

DSC04486[1] DSC05644 DSC05655[1] DSC05671[1] DSC05676 DSC05687[1]