ජනාධිපති ආරක්ෂක අංශයේ ඩිෆේන්ඩර් රියක් මිනුවන්ගොඩ මිරිස්වත්තේ දී අද උදේ අනතුරට ලක්වීමෙන් එහි ගමන් කළ සිව් දෙනකු මිය ගොස් හය දෙනකු බරපතල තුවාල ලබා ඇතැයි පොලිසිය හා රෝහල් ආරංචි කියයි.
එම පිරිස අවමගුල් ගෙදරට යමින් සිටි බව පෙනෙතියි පොලිසිය පවසයි.
ජනාධිපති ආරක්ෂක අංශයේ දස දෙනකු ඩිෆෙන්ඩර් රියකින් නිකවැරටියේ මළගෙදරක යද්දී මිනුවන්ගොඩදී සිදුවූ අනතුරකින් මිය ගිය අය හඳුනාගෙන ඇත.
කොස්තාපල් ප්‍රේමදාස (29930) මිය ගිය අතර සිටී. මිය ගිය අනෙක් අයගේ නම් සම්පූර්ණයෙන් ලැබී නැත.
උප පොලිස් පරීක්ෂක මීගොඩ, කොස්තාපල් සිසිර, කොස්තාපල් පොල්ගොල්ල, නයෝමි හා පූර්ණිමා තුවාල ලැබූ අය අතර වෙති.
(තිලකරත්න දිසානායක)

![SAM_4631[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/09/SAM_46311.jpg)
![SAM_4637[2]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/09/SAM_46372.jpg)
![SAM_4633[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/09/SAM_46331.jpg)






![20150910_134559_resized_2[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/09/20150910_134559_resized_21.jpg)
![20150910_134854_resized[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/09/20150910_134854_resized1.jpg)
![20150910_135011_resized_2[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/09/20150910_135011_resized_21.jpg)
