ශ්‍රී ජයර්ධනපුර විශ්ව විද්‍යාලයයේ උප කුලපති මහාචාර්ය එම් එල් ඒ කරුණාරත්නට රුපියල් 2500ක වන්දි ගෙවන ලෙස කැස්බෑව මහේස්ත්‍රාත් චමත් මදනායක මහතා බෝකුන්දර මහජන සෞඛ්‍ය පරීක්ෂක එච් සී අමදෝරුට නියෝග කළේය.
ඇරැව්වල සුබසාධක මාවතේ නිවසක ගෙවත්තක මදුරුවන් බෝවීමට ඉඩ හැර ඇතැයි ඔහු උපකුලපතිට එරෙහිව මේ නඩුව පවරා තිබිණි.
අද තෙවැනි වරටත් අධිකරණයට පැමිණි උපකුලපති වෙනුවෙන් පෙනී සිටි නීතීවේදී විදුර රණවක මහතා පැවසුවේ මෙම ඉඩමේ අයිතිකරු උප කුලපති නොවන බවයි.
තෙවරක්ම උප කුලපති උසාවි පැමිණ ඇතැයි ද, එහෙයින් අගතියක් සිදුව ඇතැයි ද කියමින් ඔහු සාධාරණ වන්දියක් ඉල්ලා සිටියේය.
පැමිණිල්ලෙන්ද කරුණු විමසීමෙන් පසුව සෞඛ්‍ය පරීක්ෂකට තරයේ අවවාද කළ මහේස්ත්‍රාත් රුපියල් දහසක රජයේ ගාස්තු ගෙවා උප කුලපතිට රුපියල් 2500ක වන්දි ගෙවන්නැයි නියෝග කළේය.