පී.සීගේ ඉල්ලා අස්වීම තාම බාර ගෙන නෑ


දොඩම්ගොඩ දී පහර කෑමට ලක්වූ බව කියන පොලිස් කොස්තාපල් සුමින්ද සමන් මහතාගේ ඉල්ලා අස්වීම පිළිගැනීම සම්බන්ධයෙන් පසුව දැනුම් දෙන බව පොලිස් මූලස්ථානය කියයි.

ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපිය සම්බන්ධයෙන් රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්ය පටිපාටික රීතියේ 162වැනි රීතියට අනුව තොරතුරු ලබා ගත යුතුව ඇති බවත්, එම තොරතුරු රැස් කර ගැනීමෙන් පසුව ඉල්ලා අස්වීමේ ලිපිය පිළිගත හැකිද නොහැකිද යන්න තීරණය කළ යුතුව ඇති බව  ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණී නවරත්න මහතා විසින් කොස්තාපල්ට ලිඛිතව දැනුම් දුන්නේය.