කොස්තාපල්වරයකුටද ත්‍රිරෝද රියදුරකුට හා කාර් රියදුරකුට තුවාල කළැයි කියන විසි දෙහැවිරිදි ඉංජිනේරු ශිෂ්‍ය ජේ .රුක්ෂාන් රාජපක්ෂ ගංගොඩවිල මහේස්ත්‍රාත් තිස්ස විජේරත්න මහතා විසින් සිකුරාදා (30) තෙක් රිමාන්ඩ් කළේය.
නුගේගොඩ ජුබිලි කණුව අසල වට රවුමේදී වැරැදි ලෙස රිය ධාවනය කළ බව කියන ඉංජිනේරු ශිෂ්‍යයා අත්අඩංගුවට ගැනීමට ගිය කොස්තාපල් රියට යට කිරීමේ අරමුණින් ක්‍රියා කිරීමේදී ඔහුගේ රිය ත්‍රිරෝද රයකද කාරයකද හැපී ඇත.
ඉංජිනේරු ශිෂ්‍යා නොනවත්වා රිය ධාවනය කරද්දී කොස්තාපල්වරයා කාරයේ එල්ලී ටික දුරක් යද්දී ඔහු මහ පාරේ ඇද වැටුණු බවත් සිද්ධිය දුටුවෝ කියති.
තිදෙනාම කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලීසිය පවසයි.





