පසුගිය පස් වැනිදා කුරුණෑගල බඩගමුවේදී කොස්තාපල් සම්පත් සිසිර බණ්ඩාර ඝාතනය කළ පස් දෙනාගේ කල්ලිය අද හෙටම අත්අඩංගුවට ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
මුහුණු ආවරණය කැර නොගත් සැකකරුවකු හඳුනාගත් පොලිසිය ගොකරැල්ලේ වාහන කුලියට දෙන ස්ථානයකින් ඔහුගේ ඡායාරූපයක් ද සොයාගෙන ඇත.
ඔහු ව්‍යාජ හැඳුනුම්පතක් දී එම ස්ථානයෙන් වාහනයක් කුලියට ගෙගන ඇති සිද්ධිය ඝාතයින් සොයා යාමේ දී පොලිසියට උදව් වී ඇත.
ඝාතකයින් සුදු වෑන් රියකින් ගිය බවට සිසීටිවී කැමරා සාක්කි ද පොලිසිය සතුය.
සුදු වෑන් රිය නාරම්මල ඉන්ධන හලකින් ඉන්දන ලබා ගැනීමට ගිය අවස්ථාව එහි ආරක්ෂක කැමරාවල සටහන් විය.
(නාරම්මල ඉන්ධන හලෙන් ඉන්ධන ලබා ගත් අයුරු සිසිටීවී කැමරාවේ සටහන් වි තිබු අයුරු)

