(සුමිත් පොතුපිටිය)
කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේ කොස්තාපල්වරයකු මත්කරල් තොගයක් සමග අත්අඩංගුවට ගැනීමට කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය සමත්ව ඇත.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් අභ්‍යාස විදුහලේ භෝජනාගාරයේ රාජකාරි කරන කොස්තාපල්වරයකු බව පොලිසිය පවසයි.
ලද තොරතුරක් මත සිදුකළ හදිසි භට නිවාස පරීක්‍ෂාවකදී මත්කරල් 56 ක් සොයාගෙන සැකකරු අත්අඩංගුවට ගත්බව සදහන් වේ. සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ සහ කළුතර දකුණ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වති.

