කොළඹ ව්‍යාපාරිකයකුගෙන් රුපියල් 22000ක් සොරකම් කළැයි සැකපිට පොලිස් කොස්තාපල්වරු දෙදෙනෙක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ජයකි ද අස්ලිවස් මහත්මිය විසින් ලබන 14 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ.
මොහොමඩ් යූසුෆ් නම් ව්‍යාපාරිකයා කියා සිටියේ පොලිස් අන නොතකා දෙමටගොඩ දෙසට තම වාහනය ධාවනය කළ බවට චෝදනා කළ ඔව්හු තමන්ගේ මුදල් පසුම්බිය ගෙන, එහි තිබූ ඒ ටී එම් ටෙලර් කාඩ්පත හා රුපියල් දෙදහසක් ගත් බවයි.
තමා මරදානේ ඒ ටී එම් යන්ත්‍රයක් ළගට රැගෙන ගොස් එයින් රුපියල් 20000ක් ඒ දෙදෙනා බලෙන් ගත් බව ද යූසුෆ්ගේ පැමිණිල්ලේ සඳහන්ය.
මොවුන් හදුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිතය.