පී.සී ට ගැසූ සෙබළාට ඇප


ගංගාරාමයේ සීමාමාලකය අසල නොමනා ලෙස තරුණියක සමග හැසිරෙමින් සිටි බව කියන යුදහමුදා සෙබළකු රුපියල් පනස් දහසක ශරීර ඇප දෙකක් මත මුදාහරින්නැයි කොටුව මහේස්ත‍්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා නියෝග කළේය. ඔහු අධිකරණයට ඉදිරිපත් කළ පොලිසිය පැවසුවේ එම පූජනීය ස්ථානයෙන් ඉවත්වන ලෙස ඔහුට කී පොලිස් කොස්තාපල්වරයාට පහරදුන් බවයි.