පොලීසියේ කොස්තාපල් වරයකු හා ඔහුගේ බිරිය කඹුරුපිටිය මාස්මුල්ලේ දී මරාදැමූ බව කියන සැකකරුවන් දෙදෙනකු දෙනගම වැවේ ගිලී මියගිය බව පොලීසිය කියයි. තිස්සමහාරාම පන්නෙගමුවේ දී අත්අඩංගුවට ගත් මොවුන් දෙනගමුව වැවේ සගවා තිබූ බව කියන බෝම්බ ඇතුළු අවි පෙන්වීම සදහා වැවට බැස එක්වරම දියට පැන්න බවත් ඔවුන් බේරාගැනීමට පොලිස් කොස්තාපල් වරයකු ද දියට පැන්න බවත් පොලීසිය පවසයි. මීට පෙර ද මේ සිද්ධියේ සැකකරුවෙක් පොලිස් වෙඩි පහරින් මරුමුවට පත්විය. ප්‍රධාන සැකකරු මෙතෙක් අත්අඩංගුවට ගෙන නැත.