පී.එච්.අයිලා එළියට නොයති


දෙදහසක් පමණ වන මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් සාමාන්‍ය ඇදුමින් කාර්යාල සේවයේ යෙදීමට තීරනය කර ඇතැයි ඔවුන්ගේ වෘත්තීය සමිති නිලධරයෙක්  කියයි.

රුපියල් දසදහසක නිල ඇඳුමි දීමනාව රුපියල් තුන්දහසකින් වැඩි කරන ලෙසද රුපියල් සියයක කාර්යාල දීමනාව සහ රුපියල් එක්දහස් දෙසීයක ගමන් වියදමි දීමනාව වැඩිකරන ලෙසද ඉල්ලති.

ගලේවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ආර්.එම්.එස් ජයසේකර මහතා පැවසූවේ ගලේවෙල මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් තමාට මේ ගැන දැනුමි දී ඇති බවයි.


ඔවුහු වැටලීමි හා වෙනත් ක්ෂේත්‍ර රාජකාරීවලට නොයෑමටද තීරනය කර සිටිති.