(කේ. බුද්ධික කුමාරසිරි)
හෝමාගම පිටිපන පාසල හන්දිය ප්‍රදේශයේ වෙළදසැලක් පරීක්ෂා කිරීමට ගිය හෝමාගම සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලයට අනුයුක්ත මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු ට බැන තර්ජනය කර රාජකාරියට බාධා සිදු කිරීමේ චෝදනා මත අදාල වෙළදසැලෙහි හිමිකාර කාන්තාව අත් අඩංගුවට ගත් බව හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි.
අදාල වෙළදසැල පරීක්ෂා කිරීම සදහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරැන් දෙදෙනෙකු එම වෙළදසැලට ගිය අවස්ථාවේදී එම නිළධාරීන් දෙදෙනාට තර්ජනය කරමින් පරැෂ වචනයෙන් බැන වදිමින් රාජකාරියට බාදා කල බවට පිටිපන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා විසින් අදාල පැමිණිල්ල යොමුකර තිබූ බවද පොලිසිය පවසයි.
ඒ අනුව රාජ්‍ය නිළධාරීන්ට අයුතු අවහිරය, සාපරාධී බිය ගැන්වීම සහ රාජකාරියට බාදා කිරීම යන චෝදනාවන්ට අනුව එම වෙළදසැලෙහි හිමිකාරිය බව කියන 44 හැවිරිදි කාන්තාවක් පොලිස් අත් අඩංගුවට ගත් බවත් එම අවස්ථාවේදී කලහකාරී ලෙස හැසුරැණු අදාල සැකකාරියගේ ස්වාමිපුරුෂයා ද අත් අඩංගුවට ගැනීමට කටයුතු කරන බවද හෝමාගම මූලස්ථාන පොලිසියේ උසස් නිළධාරියෙකු පැවසීය.
මේ වන විට සැකකරැ ප්‍රදේශයෙන් පලාගොස් පොලිසිය මගහැර සිටින බවත් සැකකරැ අත් අඩංගුවට ගැනීමට පොලිස් පරීක්ෂණ සිදු කෙරෙනන බවද එම නිළධාරීයා වැඩි දුරටත් පැවසීය.
හෝමාගම මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මානවඩු මහතාගේ උපදෙස් පරිදි විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සිසිර සහ පොලිස් පරීක්ෂක ලලිත් යන නිළධාරීහු පරීක්ෂණ පැවැත්විය .

