පිළිස්සුණු මුහුණට අලුත් මුහුණක්


ගිනි ගොඩකට වැටී මුහුණ දැඩි ලෙස පිළිස්සී ගිය රෝගීයකුට  කොළඹ  ජාතික රෝහලේදී  නාසයක් බද්ධ කිරීමට ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය දූලීප් පෙරේරා මහතා සමත් විය.

ජීව පටක සහිත නාසයක් ද ක්‍රියාකාරී ඇස් පිහාටු බද්ධය ද සාර්ථක වු බව  ඔහු කියයි.

විදුලි කාර්මිකයකු වු ගිරිවුල්ලේ   අමල් ජයසේන (33)  මහතාට මෙම සැත්කම සිදු  කැරිණි.

කන පිටුපස හමේ කොටස් ඇහි බැමට බද්ධ කැර රුධිර නාල හා ධමනි සම්බන්ධ කළ බවත් සැත්කමට පැය අටක් පමණ ගත වු බවත් වෛද්‍යවරයා පවසයි.

‘පිළිස්සීම නිසා නාස් කුහර පමණක් තිබු රෝගියාගේ ඉල ඇටයකින් නාසයේ කාටිලේජ නිර්මාණය කළා.ඔහුගේ බාහුවෙන්  නාසයට අවශ්‍ය සමේ කොටස් ලබා ගත්තා.විශේෂ අන්වීක්ෂයකින් නාසයේ සියුම් ස්නායු බද්ධ කළා.ඉන් පසු රෝගියා හොදින් සිටිනවා.‘

ශල්‍ය වෙද්‍ය ඒකකයේ උප ප්‍රධානී  තුෂාන් බෙනරගම ,ජ්‍යෙෂ්ඨ  ලේඛකාධිකාරී වෛද්‍යවරුන් වන අරුණජිත් අමරසිංහ ,චේලියන් පල්ලවන්  සහ වෛද්‍ය රවීන්ද්‍ර  රාජපක්ෂ ඇතුළු නිර්වින්දන වෛද්‍යවරු ද රෝහල් කාර්ය මණ්ඩලයද මේ සදහා සහය වුහ.

(සංවේදී පින්තූර  සහිතයි)

IMG_1021 IMG_1046 IMG_1048

Dr-Dulip-perera

විශේෂඥ වෛද්‍ය දුලිප් පෙරේරා

DR-Arunajith 

වෛද්‍ය අරුණජිත් අමරසිංහ

dr-Ravindra

වෛද්‍ය රවීන්ද්‍ර රාජපක්ෂ