
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
විදුලි බිල දරන්න බෑ ගෙවන්න බෑ. ජන අයිතීන්ට අත නොතබනු, වැඩි කළ විදුලි ගාස්තු පහත හෙලනු, ජනතාවට සහන දෙනු යන මැයෙන් විරෝධතාපුවරු අතැතිව පන්දම් දල්වා විරෝධතාවයක් පිළියන්දල කොළඹ මාර්ගයේ පිලියන්දල නගරයේ ඔරලෝසුව කණුව අසලදී රී පැවැත්විණි.
මෙම අවස්ථාව සඳහා ජාතික ජන බලවේගය ජාතික විධායක කමිටු සාමාජික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි , ජාතික ජන ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් විධායක කමිටු සාමාජික නීතිඥ මනෝජ්‍යා ගල්පායගේ , කැස්බෑව නාගරික මන්ත්‍රී චාමර මද්දුම කළුගේ හා වසන්තා හදපාන්ගොඩ මහත්මිය ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

