පිළිමළුන් පිටු දැකීමේ තරග රාජකීය පිටියේදී


නෙස්ලේ සමාගමේ ‘මයිලෝ’ අනුග‍්‍රහයන් ශී‍්‍ර ලංකා පාසල් රග්බි සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස 20 න් පහළ පිළිමඵන් පිටු දැකීමේ පාසල් රග්බි තරගාවලියේ සියලූම තරග කොළඹ රාජකීය විදුහල් රග්බි පිටියේ පැවැත්වීමටත් දිනයකට තරග තුනක් පැවැත්වීමටත් තීරණය කර තිබේ.

දිනයේ පළමු තරගය පෙරවරු 8.30 ට ද, දෙවැනි තරගය පස්වරු 2.00 ට ද, තෙවැනි තරගය පස්වරු 4.15 ට ද, පැවැත්වීමට නියමිතය.  
මෙම තරගාවලියේ අර්ධ අවසන් පූර්ව තරග ජූලි මස 1 වැනිදා සිට 4 වැනිදා දක්වා පැවැත්වේ. අවසන් පූර්ව තරග ජූලි මස 8 සහ 9 දෙදින පැවැත්වෙන අතර අවසන් මහ තරග 14 වැනිදා පැවැත්වීමට නියමිතය.

ජනාධිපති, අගමැති සහ සභාපති කුසලාන ස`දහා මෙම තරගාවලිය පැවැත්වේ.