සාගර පතුලේ ජිවත්වන ‘ස්පොන්ජ් පොරිෆෙරා‘ නම් ජිවියාගෙන් පිළිකාවට එරෙහි ප්‍රබල ඖෂධයක් සහ ශරිරයේ ප්‍රතිශක්තිකරණය වැඩි කර ගැනිමට ඉවහල් වන බලසම්පන්න සංඝටක හදුන්වා දිමේ පුළුල් පර්යේෂණයක් කොළඹ විශ්ව විද්‍යාලයේ සත්ව විද්‍යා දෙපාර්තුමෙන්තුව අරඹයි. මෙම මෙම පර්යේෂණය සාර්ථක තත්ත්වයේ පවතින බව ද ආරංචි මාර්ග කියයි.
පොරෆේරා වංශයට අයත් ස්පොන්ජ් ජීවියා මිනිසාගේ ප්‍රතිශක්තිකරණය වැඩි කිරීමට සහ රෝග ගණනාවකින් මිනිසා ජීවිත අවදානමින් බේරා ගැනීමට ඉවහල් වන ජීවියකු ලෙස ලොව සිදු කළ පර්යේෂණවලින් අනාවරණය කරගෙන ඇත.
සංඝටක භාවිතයෙන් ප්‍රතිශක්ති පාලනය කිරීමේ ඖෂධ හඳුන්වාදීම යටතේ මෙම පර්යේෂණය සිදු කරනුයේ කොළඹ විශ්ව විද්‍යාලයේ සත්ත්ව විද්‍යා දෙපාර්තමේන්තුවේ මාහාචාර්ය ඩබ්ලිව් ඩී රත්නසූරිය මහතා සහ මාහාචාර්ය ප්‍රීති උඩගම මහත්වරුන්ගේ උපදේශකත්වය යටතේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයයේ සත්ත්ව විද්‍යා අංශයේ කථිකාචාර්ය වරුණි ගුණතිලක මහත්මියයි.

