පිළිකා සටනට පාගමනින් මිලියන 220ක්


ගාල්ල කරාපිටිය රෝහලේ පිළිකා ඒකකය ඉදිකිරීමට ආධාර පිණිස යාපනය පේදුරුතුඩුවෙන් ආරම්භ කළ ට්‍රේල් 2016 පාගමන අද (14) වව්නියාවෙන් ආරම්භ වී මැදවච්චිය දක්වා පැමිණියේය.

ඇමරිකානු ඩොලර් මිලියන 5 ක් (රුපියල් මිලියන 735 ක්) මේ සඳහා වැයවන අතර  මේ වන විටත් රුපියල් මිලියන 220 කට අධික මුදලක් පාගමනේ දී එකතු වී ඇතැයි සංවිධායකයෝ කියති.

පාගමන දින 28 ක් පුරා කිලොමීටර් 670 ක් ආවරණය කරමින් දෙවුන්දරතුඩුව දක්වා ගමන්කිරීමට නියමිතය.

පාගමනේ සන්නාම තානාපතිවරයකු වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධනද ඊට එක්ව සිටී.

DSC_0749 DSC_0754 DSC_0760 DSC_0770 DSC_0784