මහරගම පිළිකා රෝහලේ තුන් වැනි මහලේ අකුණු සන්නායකයෙන් අඩක් හෙවත් අඩි 330ක් පමණ කපා මහරගම පරණ යකඩ බඩු කඩයකට විකිණූ රෝහල් ජල නළ සේවකයෝ තිදෙනෙක් මිරිහාන විශේෂ අපරාධ මෙහයුම් ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.
සංගීත සංදර්ශනයක් පැවැති දිනයක ඔවුන් මේ සොරකම කර ඇතැයි පොලිසිය කියයි.
විදෙස් රටකින් ලැබුණු මෙම අකුණු සන්නායකයේ කොටස් විකුණා ඇත්තේ රුපියල් 26000කට ය.

