කොළඹ රාජකීය විද්‍යාලයේ පිහිනුම් තටාකයට වැටුණු ශිෂ්‍යයකු බරපතල තත්ත්වයෙවන් කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව කුරුඳුවත්ත පොලීසිය කියයි.
පාසලේ නමය ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවා බාල දක්ෂයෙකි.
මාර්තු දෙවැනි සෙනසුරාදා දහවල් සිසුවා පිහිණුනුම් තටාකයට වැටී රෝහල් ගත කළ බවද, සිසුවාගේ තත්ත්වය බරපතල නිසා දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කරනු ලැබ ඇති බව ද, එම සිසුවා මේ වන තුරුත් දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබව බව ද පොලීසිය සඳහන් කරයි.
සිද්ධිය වන අවස්ථාවේ පිහිනුම් තටාකයේ විශාල සිසුන් පිරිසක් සිටි බව ද පොලිස් ආරංචි කියයි.
ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසුවේ දෙවැනිදා ඇතුළත් කළ සිසුවාගේ තත්ත්වය බරපතළ බවයි. මේ වන තුරුත් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන සිසුවාගේ සිහිය මද බව ද, මොළයට ඔක්සිජන් යෑමේ මදි කමක් ඇති බව ද, තවදුරටත් ප්‍රතිකාර කරන බව ද ජාසිංහ මහතා පැවසීය.
රාජකීය විද්‍යාලයයේ විදුහල්පති උපාලි ගුණසේකර මහතා පැවසුවේ සෙනසුරාදා පිහිනුම් තටාකය බාල දක්ෂ සිසුන් සඳහා වෙන් කර ඇති බවයි.
එය කාලයක් තිස්සේ පැවැති සම්ප්‍රදායක් බව ද, මේ සිදුවීම වන අතරතුර ආදි බාලදක්ෂයන් පවා එම ස්ථානයේ සිටි බව ද, අනතුරට පත් ශිෂ්‍යයා වහා රෝහල් ගත කිරීමට කටයුතු කළ බව ද, විද්‍යාලයේ ආදි ශිෂ්‍ය වෛද්‍යවරුන් දැනුවත් කර සිසුවා සුවපත් කිරීමට වෙහෙසෙන බව ද විදුහල්පති ගුණසේකර මහතා පැවසීය.
ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසුවේ අනතුර සිදුවන අවස්ථාවේ පිහිණුම් පුහුණුකරුවකු හෝ ජීවිතාරක්ෂකයකු සිටියේදැයි අධ්‍යාපන අමාත්‍යංශයෙන් විමර්ශනයක් පැවැත්විය යුතු බවයි.
ක්‍රීඩා කරන අතර තුර සිසුන් අනතුරට පත්වී මිය යාමේ සිද්ධි පවා පසුගිය වකවානුවේ වාර්තා වූ බව ද, සිසුන් බාහිර ක්‍රියාකාරකම් වලට යොමු කරද්දී අධ්‍යාපන බලධරයන් මීට වඩා සොයා බැලිය යුතු බව ද ස්ටාලින් මහතා පැවසීය.