කැනඩා ජාතික බිලි මෑක්නිලි මෙයට වසර තුනකට පෙර පාළු පාරක ගමන් ගන්නා විට නන්නාදුනන පුද්ගලයෙකුගේ පිහි ඇනුමකට ලක් විය.
විගස රොහල් ගත කල බිලිගෙ පිට පෙදෙසේ පිහි ඇනුම් පහක් ඇති බව වෛද්‍යවරුන් දුටුහ.
තුවාල පිරිසිදු කර මැහුම් දමා තුවාල සුව කෙරිණි. එහෙත් ගෙදර ගිය බිලිගේ අත ඔසවන විට දැනුණු සුළු වේදනාව මෑතක සිට ඉතා උත්සන්න විය. පෞද්ගලික වෛද්‍යවරයා බිලිගේ පිට පෙදෙස පරික්ෂා කරන විට අතට හසු වු යම් අමුතු දෙයක් නිසා බිලි විගස එක්ස් රේ පරික්ෂණයකට ලක් කළේය. පුදුමයකි සෙන්ටිමිටර් තුනකට වඩා විශාල පිහි තලයක් බිලිගේ පිට පෙදෙසේ මසට ඈලි තිබිණි. වසර තුනකට පෙර රොහල් වෛද්‍යවරුන් බිලිගේ පිටට මෑහුම් දමාතිබෙනුයේ පිහි තලය ඔහුගේ පිටේ තිබියදීය