පිසී දෙන්නා අසරණ වෙති


කොට්ටාව පැලැන්වත්ත පොල්කොටුවේ දී මුර සංචාරයේ යෙදුණු කොස්තාපල්වරු දෙදෙනකුගේ අතට  හසු වු කුඩු විකුණන්න් දෙදෙනකු පැන ගිය බව පොලිස් ආරංචි කියයි.

එක් සැකකරුවකු අල්ලා ගත් කොස්තාපල්  ඔහුගේ සාක්කුවේ තිබි කුඩු පැකට් හයක් සොයා ගත් බවත් ඔහුට මාංචු දමන්නට පාරේ ගිය සගයකු ගත් නමුත් ඔහු ද පිසී සපා කා පැන ගිය බවත් ඔහුට  වෙඩි තැබු නමුත්  වෙඩි නොවැදුණු බව කියති.

මෙම කලබලය අස්සේ අනෙක් සැකකරු ද පැන ගිය බව කියති. ඔවුන් ගමන් කළ යතුරුපැදිය මහනුවර වත්තේගෙදර  කතකට  අයත් බව කියති.