( බිමල් ශ්‍යාමන් ජයසිංහ )
මාදම්පිටිය පොලිස් ස්ථානයේ උපසේවා බාරයේ තිබූ පිස්තෝල අවියක් සහ ජීව උණ්ඩ 15 ක් අඩංගු පතරොම් ගැබ අස්ථාන ගතවීම සම්බන්ධයෙන් පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.
අත්අඩංගුවට ගෙන ඇත්තේ එම පොලිසියටම අනුයුක්ත පොලිස් සැරයන්වරයෙකි.
ඉකුත් ඔක්තෝබර් මස 30 වෙනි දින රාත්‍රී උපසේවා රාජකාරී යෙදී සිටි ආධුනික පොලිස් කොස්තාපල් 106224 ගුණවර්ධන නිලධාරියාව උපසේවා රාජකාරී භාරගනිමින් සිටි අවස්ථාවේදී සැකකාර පොලිස් සැරයන්වරයා පැමිණ හදිසි වැටලීමක් සඳහා ගිනි අවියක් ලබා දෙන ලෙසට ඉල්ලා පිස්තෝල ගිනි අවියක් රැගෙන ගිය බවට එම කොස්තාපල්වරයා විසින් ප්‍රකාශයක් ලබා දී තිබූ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
අස්ථානගත වූ එම ගිනි අවිය අදාල දිනයේදී සැරන්වරයා සන්තකයේ තිබූ බවට සිදුකළ විමර්ශන වලදී එම අවස්ථාවේදී රාජකාරී යෙදී සිටි නිලධාරීන්ගේ ප්‍රකාශවලින්ද හෙළි වී යයි උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.
අත්අඩංගුවට ගත් සැකකාර සැරයන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.