බළන්ගොඩ මහේස්ත‍්‍රාත් අධිකරණයේ තහනම් නියෝගයක් ක‍්‍රියාත්මක කිරිමට ගිය පිස්කල් නිලධාරිනියක් නඩු කටයුත්තට සමාන ලිපිනයක් සහිත වෙනත් නිවසකට එහි භාණ්ඩ වලට සීල් තබා ඇත.
අධිකරණයේ නඩු කටයුත්ත පවතින්නේ රක්වාන පාර, ගොඩගම ලිපිනයේ දොන් ගුණවර්ධන කුමාරසිරි නැමැත්තෙක්ගේ නිවසට බවත් සීල් තබා ඇත්තේ රක්වාන පාර, ගොඩගම, පැල්මඩුල්ල මද්දුම පටබැඳිගේ චුලානන්‍ද දිප්ති චන්‍ද්‍රකුමාර යන ලිපිනයේ නිවසට මෙසේ සීලා තබා ඇතැයි කියයි. මේ සම්බන්‍ධයෙන් නීති උපදෙස් ලබා අධිකරණයට කරුණු දක්වන්නට ගෙහිමියා කටයුතු කරන බවද පැවසීය.

