(මුදිතා දයානන්ද)
බස්නාහිර පළාත් සභාවේ සභාපති පිවිසුම් දොරේ වටිනාකම කෝටියක් නොව රුපියල් 83,76,000ක් පමණක් යැයි මහඇමති ඉසුර දේවප‍්‍රිය මහතා අද (18) පැවසීය.
මහඇමති ඉසුර දේවප‍්‍රිය මහතා මෙසේ පැවසූයේ දොරෙහි වටිනාකම හා එහි ටෙන්ඩර් කැඳවීම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ මන්ත‍්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි මහතා යොමු කළ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
මෙම දොරෙහි ඇස්තමේන්තුව 72,00,000ක් වන අතර මේ වන විට එයට ගෙවා ඇති මුදල 83,76,000ක් බවද සියලූ ඉදිකිරිම් සඳහා සම්බන්ධ වුයේ එකම සමාගමක් වන බැවින් මෙම දොරද එම සමාගම මගින් නිර්මාණය කරවන ලද බවද දේවප‍්‍රිය මහතා පැවසීය.
තමන් වෙත ලැබී තිබෙන වාර්තාවේ 83,76,000 සටහන් වන්නේ දොර වෙනුවෙන් දනට ගෙවා ඇති වටිනාකම ලෙස බැවින් මෙයට තවත් මුදලක් ගෙවන්නට සිදුවේදැයි සැකයක් ඇතැයි නිපුණ ආරච්චි මහතා පැවසු අතර එසේ නොවන බවද මේ වන විට දොරට අදාල සියලූ මුදල් ගෙවා ඇති බවද මහඇමතිවරයා පැවසීය.
බස්නාහිර පළාත් සභා රැස්විම් එහි සභාපති සුනිල් විජේරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (18) බත්තරමුල්ලේ පිහිටි පළාත් සභා රැස්විම් ශාලාවේදි කැඳවු අවස්ථාවේදී ලක්ෂ්මන් නිපුණආරච්චි මහතා ඉහත ප‍්‍රශ්නය යොමු කරනු ලැබිණ.