පිවිතුරු හෙට මුත්තයියා පිටියට තල්ලු වේ


පිවිතුරු හෙටක් උදෙසා ජාතික සභාව     කොළඹ ගංගාරාම  විහාරස්ථානය අසල මුත්තයියා පිටියේදී පැවැත්වීමට නියමිත ‘විධායක ජනපති ක්‍රමය අහෝසි කරන ලෙස බල කර සිටීමේ මහ ජනරැලිය ‘ ගැන පැවිදි සාමාජිකයින් දැනුම්වත් කිරීමේ අත් පත්‍රිකා බෙදා  දීමක් කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී අද (10) උදෑසන පැවැත්විණි.

ලබන බදාදා (12) මේ රැලිය පැවැත්වීමට යයි.

හෙළ උරුමයේ පාර්ලිමේන්තු  මන්ත්‍රී අතුරලියේ රතනහිමිගේ ප්‍රධානත්වයෙන් පැවැති මේ වැඩසටහනට   රන්පත්විල විමලරතන, බුදුගල ජිනවංශ,පස්සරමුල්ලේ දයාවංශ සහ මහහුණු පිටියේ  බුද්ධසාර  යන හිමිවරුද මෙ අවස්ථාවට එක් වුහ.

මෙම  රැලිය පැවැත්වීමට කොළඹ හයිඩ් පිටිය ඇතුළු  අනිත් ප්‍රධාන ස්ථාන ලබා නුදුන් බවත්, ඒවා වෙනත් කාර්යයන් සඳහා ඒ දිනයේ වෙන් කරගෙන තිබුණු බවත්, ප්‍රජාතන්ත්‍රවාදයේ තරම එයින්ම පැහැදිලි වන බවත් රතන හිමියෝ කියති.

DSCN2240 RDS_8778 RDS_8829