පිල්ලෙගෙ කමිටුවට දොර වහයි


එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ පරීක්ෂණ කණ්ඩායමට ශ්‍රී ලංකාවට පැමිණීමට නොදීමට ගෙන ආ යෝජනාව වැඩි ඡන්ද 134කින් අද සම්මත විය.

යෝජනාවට පක්ෂව ඡන්ද 144ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 10ක් පමණි.

දෙමළ ජාතික සන්ධානය යෝජනාවට විරුද්ධව ඡන්දය දුන්නේය.

එක්සත් ජාතික පක්ෂය ඡන්දය දීමෙන් වැළකී සිටියේය.

ජනතා විමුක්ති පෙරමුණ ගෙන ආ සංශෝධනය පිළි නොගැනීම නිසා ඡන්දය ආරම්භයේ දී එහි මන්ත්‍රීවරු පිටව ගියහ.

මන්ත්‍රීවරු 33 දෙනෙක් ඡන්දයට පැමිණ නොසිටියහ. මන්ත්‍රීවරු 37 දෙනෙක් ඡන්දය නුදුන්හ.

සභාවෙන් පිටව ගිය අගමැති ඡන්දය දීමට පැමිණියේය.