පිල්ලෑවේ වන්නමට ලක්ෂ 111 : පහත් බිම් මණ්ඩලේ හූරං කාලා


බොරලැස්ගමුව පිල්ලෑව සක්මන් මග විවෘත කිරීමේ උත්සවයේ සංස්කෘතික ප‍්‍රසංගය සඳහා පමණක් රුපියල් ලක්ෂ 276ක් පහත්බිම් ගොඩකිරිමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව විසින් වැය කළ බවත් මේ නාස්තියට එරෙහිව අල්ලස් හා දුෂණ වංචා කොමිෂන් සභාවට යොමුකරන පැමිණිලි කරන බවත් බස්නාහිර පළාත් සභා එක්සත් ජාතික පක්ෂ මන්තී‍්‍ර නිරෝෂන් පාදුක්ක මහතා පවසයි.

බොරලැස්ගමුව පිල්ලෑව වෙල්යාය ආශ‍්‍රිතව ව්‍යායාම් මං තීරුවක් හා ආපන ශාලාවක් සමග පරිසර උද්‍යානයක් සංස්ථාව විසින් වේරැස් ගඟ ව්‍යාපෘතිය යටතේ ඉදි කැරිණි. අතර එය මීට මාස කීපයකට පෙර විවෘත විය.

නිරෝෂන් පාදුක්ක මහතා පවසන පරිදි එම වියදම් ආරම්භක නැටුම හා භාෂා තුනෙන්ම ගායනය සදහා රුපියල් ලක්ෂ 138 යි.  ගජබා වන්නම හා උපකරණ ( විදුලිය හා බල්බ සදහා) රුපියල් ලක්ෂ 111යි. සංගීත සංදර්ශනය සදහා රුපියල් ලක්ෂ 18 යි.

මණ්ඩලයේ ප්‍රකාශකයෙක් පැවසුයේ ප‍්‍රධාන ආරාධිතයින්ගේ පුටු , වතුර  හා පාසල් සිසුන් කිහිප දෙනෙකුගේ ඇඳුම් සදහා රුපියල් 837000 ක් සංස්කෘතික ප‍්‍රසංගයට පමණක් වැය කළ බව සත්‍යය බවයි . උත්සවය සඳහා ඊට වැඩි මුදලක් වැය වී යැයි ඔහු කීවේය.