(ජවුෆර්කාන්)
හිටපු නැගෙනහිර පළාත් මහ ඇමති සිවනේසදුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් මහතාගේ ඇප ඉල්ලීම මඩකලපුව මහාධිකරණ විනිසුරු එම්.වයි.එම්.ඉස්සදීන් මහතා අද (08) ප්‍රතික්ෂේප කළේය.
ඒ අනුව පිල්ලයාන් මහතා මැයි 04 වැනි දා දක්වා යළි රිමාන්ඩ් කිරීමට නියෝග කෙරිණ.
2005 වසරේදී මඩකලපුව මරියාල් දේවස්ථානයේදී දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංගම් මහතා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඒ මහතා සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් ගත කර සිටියි

