ඉතාලියේ පීසා මහා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රථීකාර ලබන පිරෙන්සි සමාධි විහාරයේ විහාරාධිපති දොඩංදෙනියේ නන්දසිරි හිමියන්ට ඉක්මන් සුවය පතා වෙරෝනා මහා විහාරයේ ආශිර්වාද පූජවක් පැවැත්විණි.
දොඩංදෙනියේ නන්දසිරි හිමියෝ පසුගියදා සිදුවු රිය අනතුරකින් දඩි ලෙස පිලිස්සුම් තුවාල ලබා රෝහල් ගත කරනු ලැබුහ.
වෙරෝනා මහා විහාරයේ විහාරාධිපති උඩවලවේ ඥානානන්ද හිමියන්ගේ මෙහෙයවීමෙන් ආශිර්වාද පුජාව සිදු කළ අතර ඉතාලි ශ්‍රී ලංකා තානාපති නාවලගේ ඛෙනට් කුරේ මහතා සහ එම මහත්මිය ද, ඉතාලියේ වෙරෝනා නුවර පැවැත්වුනු ලක් ගී සැදෑවට සහභාගීවීමට එහි ගිය ප්‍රවීන සංගීත අධ්‍යක්ෂක ආචාර්‍ය රෝහණ වීරසිංහ මහතා සහ එම මහත්මිය ද, වේරෝනා නගරයේ වෙසෙන ශ්‍රී ලාංකිකයෝ පිරිසක් ද ඊට සහභාගී වූහ
උඩවලවේ ඥානානන්ද හිමියෝ එහි ගිය ශ්‍රී ලංකා තානාපතිවරයාට ද, රෝහණ වීරසිංහ මහතාට ද ආශිර්වාද කරමින් පිරිත් නුල්ද ගැට ගැසූහ.

