පිරෙන්සි පන්සලට සැතපෙන පිළිමයක්


ඉතාලියේ ෆිරෙන්සි නුවර සමාධි විහාරයේ කඨින පින්කම 27 28 දෙදිනෙහි පැවැත්වෙන බව විහාරස්ථාන දායක සභාව පවසයි. එයට සමගාමිව ශ්‍රි ලංකාවේ සිට වැඩම කැරෙන අඩි හතක් දිගැති  සැතපෙන පිලිමයක් හා අඩි හතර හාමාරක් උසෑති සෑරියුත් මුගලන් පිලිම දෙකක් විහාරස්ථානයේ තැන්පත් කිරිමද මෙදිනට සිදුවේ.

 ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ විශේෂ අවසරය මත ශ්‍රි ලංකන් ගුවන් යානයකින් 24 වැනි දා රෝමයට රෑගෙන එන පිලිම වහන්සේලා වීහාරාධිපති දොඩංදෙනියේ නන්දසිරි හිමියන්ගේ ආරාධනයෙන් රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයයේ උප තානාපති රාණි බුලත්වෙල මහත්මිය විසින් 28 වැනි දා සවස 4 ට නිරාවරනය කරනු ලැබීමට නියමිතය. පිලිම ශ්‍රි ලංකාවේ සිට රෑගෙන ඒම සදහා සම්මික උඩුනුවර මහතා හා දායක දායිකාවන් 16 දෙනෙකු බරපැන දැරීය. ඉතාලියේ ප්‍රථම වතාවට ධාතුන් හා නිදන් තැන්පතුවක් 28 වෙනිදා උදෑසන 11 ට සිදුවන බව නන්දසිරි හිමියෝ කියති.