පිරනීස් කඳු පාමුල විපස්සනා භාවනා වැඩ සටහනක්


ප්‍රන්සයේ පිරනීස් කඳු පාමුල ස්පාඤ්ඤ දේශ සීමාවට ආසන්නව, අත්ලාන්තික් සාගරයට සමීපව පිහිටි බර්ඩෝ නම් නගරය ප්‍රසිද්ධව ඇත්තේ මිඳි යුෂ සහ "බර්ඩෝ" නමින් නිපදවෙන වයින්   සඳහාය.

එම නගරයේ  පිහිටුවා ඇති ප්‍රංශ ජාතිකයන්ගේ "විචක්ෂණ බුද්ධි" නම් වූ සංවිධානයේ ආරාධනාවක් අනුව පසුගිය සතියේ එම සංගමයේ සාමාජික සාමාජිකාවන් සහභාගීවූ තුන් දින විපස්සනා භාවනා වැඩසටහනක් පැවැත්විණි.

  එම භාවනා වැඩසටහන මෙහෙයවන ලද්දේ ජිනීවා ජාත්‍යන්තර  බෞද්ධ විහාරයේ  ආචාර්ය තවලම ධම්මික නාහිමියන් විසිනි. හල්විටිගල සුජාත හිමියෝ ද සහාය වූහ.