වෙන්නප්පුව කටුනේරිය ගමේ ඵකට හැදුණු වැඩුණු මිතුරෝ දෙදෙනෙකි.කාලයාගේ ඇවැමෙන් ඵක් මිතුරෙක් වසර කිහිපයකට පෙර ඉතාලියේ වෙරෝනා නුවර පදිංචියට ආවේය.ඵහෙත් මිතුදමෙහි කිසිදු අඩුවක් සිදු නොවීය. වෙරෝනා නුවර නෙවර්බෑක් සංගිත කණ්ඩායමේ නියාමක ධනුෂ්ක සාලිංග ඵයින් ඵක් මිතුරෙකි.
පසුගිය වසරේධනුෂ්ක නිවාඩුවකට ගමරට ගොස් මිතූරා සමග නැවත ඵක්වීය. ධනුෂ්කගේ නිවාඩුව අවසන්වී නැවත ඉතාලිය බලා පැමිණිමේ දිනය උදා විය. නිලංග චමිරුවන් තම හොදම මිතූරාට සමුදීම සදහා නිවසට ආවේය. ඔහු අත පාර්සලයකි එහි වුයේ බැනියමකි. මිතූරාගේ තෑග්ග පිළිගත් ධනුෂ්ක නැවත ඉතාලිය බලා පැමිණෙයි.වසරකට පසු ඊයේ දිනයේ තම හොදම මිතුරා දුන් ලස්සන බැනියම ඇග ලා ගත් ධනුෂ්ක සාදයකට යෑම සදහා සැරසෙයි.
ගතවන නිමේෂයෙන්ඔහුගේ ජංගම දුරකථනයට ඇමතුමකි. ලංකාවේ සිට දුරකථන ඇමතුම දුන් අය කියා සිටීයේ ඵ් මොහොතේ කටුණේරිය නගරයේදි සිදු වු යතූරුපැදි අනතුරකින් ඔහුගේ හොදම මිතුරා නිලංග ජිවිතකෂයට පත් වු බවය.