කොණ්ඩය වවාගෙන ආ කළුතර පාසලක උසස් පෙළ සිසුවකුට තරවටු කළැයි ගුරුවරයකුට එරෙහිව පැමිණිල්ලක් කළ සිසුවාට පොලිසිය හොඳ පාඩමක් කියා දුන්නේය.
ඔහුගේ පියා පොලීසියට කීවේ කොණ්ඩය කපාගෙන පාසලට යන ලෙස පුතාට කීවත් ඔහු ඊට ඇහුම්කන් නොදුන් බවයි. පියාගේ අවවාද මත කොණ්ඩය කපාගෙන එන ලෙස සිසුවා කරණවෑමියකු ළගට යැවීය. ඔහු අලුත් මොස්තරයකට කොණ්ඩය කපාගෙන පොලීසියට ආවේය.
කළුතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂිකා මල්කා තුෂාරි මහත්මිය කරණවෑමියකු පොලීසිය ගෙනවා පාසලට ඔබින ලෙස කොණ්ඩය කැප්පවීය.
කොණ්ඩය කපන්නට යැයි ඔහුට අවවාද කළ ගුරුවරයා ද විදුහල්පතිද පොලීසියට පැමිණ සිටියහ.

