පියාට අවමන් නොකරන බව චන්ද්‍රාණි කියයි


තමා එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වී රජයට එකතු වෙන බවට පැතිර යන කතාව අසත්‍යක් බව අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්ද්‍රාණි බණ්ඩාර මහත්මිය පැවසුවාය.

ඇය එලෙස කීවේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය සමඟ මාධ්‍ය සාකච්ඡාවට පැමිණි අවස්ථාවේ මාධ්‍යවේදීන් නැඟු ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

මේ සාකච්ඡාව පැවැතියේ විපක්ෂ නායක කාර්යාලයයේ දී ය.

මාධ්‍යවේදියෙක් - ඔබ ආණ්ඩුවට එකතු වන්නට යන බවට ආරංචි පැතිර ගියා?

මන්ත්‍රීවරිය - සමහර මාධ්‍ය බොරු දාලා තිබුණා. මං ආණ්ඩුවට යන්න තීරණය කර  නෑ. මම එක්සත් ජාතික පක්ෂයට උපන් දරුවෙක්. මගේ පියා එක්සත් ජාතික පක්ෂයේ අනුරාධපුරයට පමණක් නොවෙයි මුළු රටටම වැඩ කළා. මං කවදාවත් පියාගේ නමට කැළලක් වෙන්න දෙන්නේ නෑ. මං එක්සත් ජාතික පක්ෂය හා පාක්ෂිකයන් දමා යන්නේ නෑ.

මාධ්‍යවේදියෙක් -  තිස්ස අත්තනායක මහතා ආණ්ඩුවට යන බව ඔබ දැන සිටියාද?

මන්ත්‍රීවරිය - තිස්ස අත්තනායක කියන්නේ අපේ පක්ෂයේ (හිටපු) මහ ලේකම්. ඔහු යන බව මා දැනගෙන හිටියේ නෑ. මට කියන්න පුළුවන් මා යන්නේ නැති බව පමණයි. ‘‘‘