බුලත්සිංහල හැට හැවිරිදි ගැමියකු බිම වැටී මිය ගියැයි කළ පැමිණිල්ලක් විභාග කළ පොලිසිය මිය ගිය තැනැත්තාගේ බිරිය, පුතුන් දෙදෙනකු හා මිනිබිරියක ඇතුළු පස් දෙනෙක් සැකපිට ප්‍රශ්න කිරීම සඳහා පොලිසියෙන් අත්අඩංගුවට ගනු ලැබූහ.
මත්පැන් බෝතලයක් ගෙන එන්නැයි මිය ගිය පුද්ගලයා කුඩා දරුවකුට පැවසීමේ සිද්ධියක් මත හට ගත් ආරවුලක දී ඔහු මිය ගිය බව සොයා ගෙන ඇත.