(වෙන්නප්පුව - රවින්ද්‍ර ලියනගේ )
වෙන්නප්පුව කඩවත ප්‍රදේශයේ නිවෙසක ඊයේ (12) රාත්‍රි 10.00 ට පමණ ඇතිවු ආරවුලකදි පියා සිය පුතාට පිහියකින් ඇණ ඝාතනය කර ඇතැයි වෙන්නප්පුව පොලිසිය කියයි.
මෙලෙස මිය ගොස් ඇත්තේ කඩවත වෙරළ පාරේ පදිංචි නුවන් චතුරංග ප්‍රනාන්දු නම් (30) විවාහක පුද්ගලයෙකි.
පියා සහ පුතා අතර බහින් බස් විමක් සිදුවි ඇති බවත් එහිදි පුතා පියාට පහරක් ගසා ඇති බවත් ඒ සමගම පියා පිහියක් ගෙන පුතාට ඇණ ඇති බවත් පොලිසිය කියයි.
බරපතල තුවා ලබා තිබු ඔහු මාරවිල මුලික රෝහලට ඇතුලත් කිරිමට පියවර ගෙන තිබුණත් ඒ වනවිටත් මිය ගොස් සිටි බව පොලිසිය කියයි.
ඝාතනය සම්බන්දයෙන් පියා පොලිස් අත්අඩංගුවට ගෙන ඇත. මහේස්ත්‍රාත් සහ පශ්චාත් මරණ පරික්ෂණ අද පැවැත්විමට නියමිතිව ඇත.
වෙන්නප්පුව පොලිසිය පරික්ෂණ පවත්වයි.

