ගල්ගමුව ගිරිබාවේ තිස් අට හැවිරිදි ගොවියෙකු වෙඩි තබා මරා දමා ඇතැයි පොලිසිය කියයි. ඉඩම් ආරවුලක් සම්බන්ධයෙන් මොහු මීට වසරකට පෙර තම පියා ඝාතනය කළැයි පොලිසිය පවසයි. එම පලිය ගන්නට ඔහු මරා දමන්නට ඇතැයි ගමේ සැකයක් පවතී. පියාගේ අවුරුදේදේ දානය දීමට පෙර පුතා මරා දමන බවට සමීපතම ඥාතියකු කළ තර්ජනයක් ගැන ද පොලිසියට තොරතුරු ලැබී ඇත.