පියා මැරූ දුවත් කොළ නැති ගහට


අනියම් පේ‍්‍රම සම්බන්ධයට විරුද්ධ වූ තම පියාට අනියමි සැමියා සමග එක්ව පිහියකින් ඇන මරා දැමූ දියණියට සහ ඇගේ අනියමි සැමියාට වයඔ පළාත් මහාධිකරණ විනිසුරු සහ නුවරඑලිය පළාත් හිටපු මහාධිකරණ විනිසුරු සුමුදු පේ‍්‍රමචන්ද්‍ර මහතා (30) මරණ දඩුවම නියම කලේය.

නුවරඑළිය රාගම මැදවත්තගම පදිංචිකරුවන් වන ඩබි.එමි.ඩියෝ කුමාරි සහ ඇගේ අනියමි සැමියා වන පී.ඒ.අශෝක ලාල් පතිරණ යන දෙදෙනාටය.

විත්තිකාරියට සහ විත්තිකරුට මරණ දඩුවම නියම කරමින් මහාධිකරණ විනිසුරු පේ‍්‍රමචන්ද්‍ර මහතා විවෘත අධිකරණය අමතමින් පැවසුවේ මනුෂ්‍ය ඝාතනයක් සිදු කළ බවට විත්තිකාරියට සහ විත්තිකරුට එරෙහිව පැමිණිල්ලෙ සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට පැමිණිලි පාර්ශවය සමත්ව ඇති බවයි.