පියා මළදාට පසු දා පුතා සෞදියේ


සෞදි අරාබියේ  දමාම්හි   ගෘහ රියදුරකු ලෙස  සෞදි රැකියාව කළ  ශ්‍රී ලාංකියෙක්  හදිසියේ මිය ගියේය.

නාවලපිටිය  මාපාකන්දේ  ඉසදීන් මොහොමඩ් සාති (53) මහතා  ඔහුය.

11 වැනි දින සන්ධ්‍යාවේ තම අවශ්‍යතාවකට මිතුරකුගේ නවාතැනකට ගොස් සිටියදී  හදිසියේ ඇති වු  අසනීපයක් නිසා ඔහු ඒ මොහොතේම මිය ගිය බව ඔහුගේ ඥාති පුත්‍රයකු වන එල් ඒ රිස්වි මහතා පවසයි.

මොහු සෞදි අරාබියට ආවේ මාස හතරකට  කලිනි.මෘත දේහය දැනට දමාම්  මහ රෝහලේ  තැන්පත් කැර ඇති අතර  ඔහුගේ දේහය සෞදි අරාබියේ  මිහිදන් කිරිමට  කටයුතු කිරිම සදහා  ශ්‍රී ලංකාවේ ඥාතීන්ගෙන් අනුමැතිය ඉල්ලා සිටින බව ද ඥාති පුත්‍රයා පවසයි. මිය ගොස් සිටින අයගේ පුත්‍රයෙකුද  රැකියාව සදහා සෞදි අරාබියට  පැමිණ ඇත්තේ  ඔහු මිය ගිය දිනට පසුදාය.

රියාද් පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයයේ  උපදෙස් මත  නිතීමය කටයුතු  නිම කිරීමෙන් අනතුරුව සිය ඥාතින්ගේ  අභිමතය පරිදි  මිහිදන් කිරිම පිළිබදව තිරණයක් ගැනිමට නියමිතය.